නාවික හමුදා දායකත්වයෙන් ගිං ග‍ඟ පිරිසිදු කෙරේ

පෙබ 23, 2021

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෑතකදී ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති පටු පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කර එහි ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට කටයුතු කෙරිණි.

    නාවික හමුදා කිමිදුම් අංශයේ සහ මැරීන් අංශයේ නාවිකයින් කණ්ඩායමක් යොදවා කඩිනමින් එහි තිබු අවහිරය ඉවත් කරන ලදී.

    නොසැලකිලිමත් ලෙස කැළිකසළ බැහැර කිරීම, ගස් කැපීම සහ උණ පඳුරු කපා දැමීම හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ සැඩ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන මෙම අපද්‍රව්‍ය වක්වැල්ල පටු පාලම තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර කරයි.

    ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ග‍ඟ හරහා වක්වැල්ල සහ දොඩම්ගොඩ ප්‍රදේශයේ ඉදි කර ඇති පටු පාලම තුල අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයනු ලැබේ.

    Latest News