තුන් ලක්ෂ 54,352 දෙනෙක්ට කෝවිඩ් එන්නත් දී අවසන්

පෙබ 23, 2021

    කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ තුන් ලක්ෂ 54,352 දෙනෙක්ට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත්කරණය අදත් ක්‍රියාත්මකයි. එන්නත්කරණය අද ක්‍රියාත්මක කෙරෙන්නේ 26 වැනි දිනටයි.

    එන්නත ඊයේ ලබාදුන් පිරිසට 15,583 දෙනෙක් ඇතුළත්. කොළඹ මහ නගර සභා බල සීමාව තුළ වෙසෙන ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමේ වැඩසටහනක් අද හයිඩ්පාර්ක් පිටියේ දී ක්‍රියාත්මක කෙරේ.

    එහිදී පුද්ගලයින් 1000කට පමණ එන්නත ලබා දීමට නියමිතයි.

    Latest News