දුම්රිය සේවක වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

පෙබ 23, 2021

    ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

    දුම්රිය ධාවන කටයුතු අද දිනයේ සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවයි,දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

    අද (23) දිනයේ ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබාදීමත් සමග වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටවූ බවයි වාර්තා වන්නේ.

    මහව සිට ඕමන්තේ දක්වා වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමේ දී අක්‍රමිකතාවක් සිදුවන බවට චෝදනා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට දුම්රිය සේවක නිලධාරීන් තීරණය කර තිබුණි.

    Latest News