කටුනායක ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයටත් අද කොවිඩ් එන්නත

පෙබ 23, 2021

    කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ කාර්ය මණ්ඩලයට කොවිඩ් එන්නත ලබාදීම මේ දිනවල සිදු කෙරේ. ඊයේ වන විට 2,000කට පමණ එන්නත ලබා දී අවසන්.

    කටුනායක ගුවන්තොටුපොළේ සේවක සේවිකාවන් 4,200කට එන්නත ලබාදීමට නියමිතයි. මත්තල ගුවන්තොටුපොළේ කාර්ය මණ්ඩලයේ සියලුම කාර්යමණ්ඩලවලට එන්නත ලබාදී අවසන් බවයි, වාර්තා වන්නේ.

    රත්මලාන,යාපනය හා මඩකලපුව ගුවන්තොටුපොළවල කාර්ය මණ්ඩල සඳහා ද එන්නත ලබාදීමට පියවර ගෙන තිබේ.

    මෙම සතිය අවසන් වන විට සියලුම ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩල සඳහා එන්නත ලබාදීමට හැකි බවයි, වාර්තා වන්නේ.

    Latest News