දුම්රිය පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ ගමනා ගමනයට බාධා

පෙබ 21, 2021

    කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියේ නැරඹුම් මැදිරිය පිලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ තිබේ.

    නාවලපිටිය ඉගුරුඔය දුම්රිය ස්ථාන දෙක අතර නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේදි මෙය සිදුව ඇත. දුම්රියේ නැරඹුම් මැදිරිය පිලි පැනිම නිසා දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදුව තිබේ.

    පීලි පැනිමට ලක් වු නැරඹුම් මැදිරිය පිලිගත කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවද දුම්රිය පාලක මැදිරිය පවසයි.

    Latest News