ඊයේ දිනට ආසාදිතයින් 756ක්..වැඩිම කොළඹින්

පෙබ 17, 2021

    අද උදෑසන වන විට ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 756 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 172 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 168 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 73 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 343 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.

    මිනුවන්ගොඩ බ්රැන්ඩිස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 73,662 ක් වේ.

    ඉන් පුද්ගලයින් 69,035 දෙනෙක් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 77,183ක් වන අතර ඉන් පුද්ගලයින් 70,428ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    අද උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,346 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද (17) දින උදෑසන 6.00 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1018ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

    Latest News