සයිබර් ප්‍රහාරයට ලක්වූ මෙරට වෙබ් අඩවි යථාතත්වයට

පෙබ 06, 2021

    අද (06) පෙරවරුවේ සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබූ මෙරට වෙබ් අඩවි මේ වනවිට යථා තත්ත්වයට පත්ව ඇති බව එල්.කේ.ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනය පවසයි.

    ශ්‍රී ලංකාවේ වෙබ් ලිපිනය වන '.lk' නාමය යටතේ ක්‍රියාත්මක වෙබ් අඩවි කිහිපයකට මෙම සයිබර් ප්‍රහාරයට ලක්ව තිබිණ.

    එල්.කේ ඩොමේන් රෙජිස්ට්‍රාර් මහාචාර්ය ගිහාන් ඩයස් ප්‍රකාශ කරන්නේ මෙරට වෙබ් අඩවි 10කට පමණ අද උදෑසන මෙම සිද්ධියෙන් බලපෑම් එල්ල වූ බවයි.

    මෙම බැඳ වැටීම බාහිරින් ඇති කළ යම් වෙනසක් හේතුවෙන් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි මහාචාර්යවරයා ප්‍රකාශ කරන්නේ.

     

    Latest News