උත්තරදේවී ගමන් අරඹයි

ජන 27, 2019

    උත්තරදේවී දුම්රිය අද  උදෑසන 6.40ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්  යාපනය බලා ගමන් ආරම්භ කළා. ඒ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

    අමාත්‍ය අර්ජුන රණතුංග සහ යුද හමුදාපති ලුතිනර් ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක් වුණා. කොළඹ සිට යාපනය කංකසන්තුරෙයි දක්වා උත්තරදේවී දුම්රිය ධාවනය කෙරෙනවා. මෙම දුම්රියට යොදවන නව බලවේග කට්ටලය ආනයනය කර ඇත්තේ ඉන්දියාවෙන්. එහි මැදිරි සංඛ්‍යාව හයක්. වායුසමනය කළ පළමු පන්තියේ මැදිරියක් මෙන්ම දෙවන පන්තියේ මැදිරියකින් ද එය සමන්විතයි.

    මෙම දුම්රියෙහි එකවර මගීන් 724 දෙනෙකුට ගමන් කළ හැකි වනවා. මෙම දුම්රියේ ගමන් ගන්නා මගීන්ට තමන්ගේ ගමනාන්තයන් පිළිබද තොරතුරු  ජී පී එස් තාක්ෂණය ඔස්සේ දැනගතහැකිවීම විශේෂත්වයක්.

    Latest News