තවත් කොවිඩ් එන්නත් මිලියන 09ක් මෙරටට ගෙන්වීමට පියවර

පෙබ 04, 2021

    ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 09 ක් මිලදී ගැනීමට රජය සූදානම් බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා පවසයි.

    ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබන මාර්තු මස 01 වැනිදා සිට මෙරට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා ලබාදීමට සැලසුම් කර තිබේ.

    මේවනවිට මෙරටදී එම එන්නත ලබාගෙන ඇති පිරිස එක්ලක්ෂ 18,767 කට අධිකයි.

    Latest News