කොළඹ අද විශේෂ රථවාහන සැලැස්මක්

ජන 30, 2021

    73 වන ජාතික නිදහස් සැමරුම් උත්සවය සඳහා පෙර පුහුණුවීම් කටයුතු අද(30) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත නිසා කොළඹ නගරය ආශ්‍රිත මාර්ගය රැසක ගමනාගමනය සීමාකර තිබේ.

    ඒ අනුව අද දිනයේ සිට ලබන 03 වන දින දක්වා පෙරවරු 6.00 සිට පස්වරු 1.00 දක්වා කාලය තුළ එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වෙයි.

    නිදහස් උත්සවය පැවැත්වෙන පෙබරවාරි 04 වැනි දින අලුයම 4.00 සිට පස්වරු 1.00 දක්වා කාලය තුළ මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකයි.

    මේ අතර මේ දිනවල සරුංගල්, බැලුන් සහ ඩ්‍රෝන යානා පියාසර කරවීම වළක්වන ලෙස ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    නිදහස් දින සැමරුම් උත්සවය සඳහා ගුවන් යානා පෙරහුරු කටයුතු වෙනුවෙන් ගුවන් යානා පහළින් පියාසර කරන බැවින් අනතුරු සිදුවිය හැකි බව ගුවන් හමුදාව පෙන්වාදෙයි.

    Latest News