යුක්ක්‍රේන සංචාරකයින් රැගත් 11 වන ගුවන් යානය අද දිවයිනට ලඟා වුණා

ජන 23, 2021

    යුක්ක්‍රේන සංචාරකයින් රැගත් 11 වන ගුවන් යානය දිවයිනට ළගා වුණා.

    විදෙස් සංචාරකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩසටහනට සමගාමීවයි මෙම පිරිස දිවයිනට ගෙන්වාගෙන තිබෙන්නේ යුක්ක්‍රේනයේ ස්කයි අප් ගුවන් සේවාවට අයත් පී කිව් 555 දරණ ගුවන් යානයෙන් අද (23) අලුයම මෙම සංචාරකයින් පැමිණියා.

    මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පැමිණි මෙම සංචාරක කණ්ඩායමට 104 දෙනෙකු ඇතුලත්.

    මේ අතර මෙරටට පැමිණ සිටි යුක්ක්‍රේන සංචාරකයින් 148 දෙනෙකු මෙම ගුවන් යානයෙන් යළි මව්රට බලා පිටත්ව ගියා.

    Latest News