ඊයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 2ක්

ජන 23, 2021

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 02 දෙදෙනෙකු මියගොස් ඇත.

    ඔවුන් කොළඹ සහ හෝමාගම යන ප්‍රදේශයන්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (23) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 278 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    අද (23) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 90 ක් තුළ පුද්ගලයින් 8,141 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (22) දිනය තුල PCR පරික්‍ෂණ 19,285 ක් සිදුකර ඇත.

    Latest News