ඊයේ වැඩිම රෝගීන් පිරිස ගම්පහින්

ජන 23, 2021

    ඊයේ (22) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 787 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 03 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 784 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 139 ක් ලෙසය. ඊට අමතරව, නුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 108 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 101 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 436 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.

    ඒ අනුව ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 56,862 ක් වන අතර ඉන් පුද්ගලයින් 48,616 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. තවද අද වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,968 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    පසුගිය පැය 24 තුළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 633 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    Latest News