පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය ලබන 28  දින තෙක්

ජන 22, 2021
    2020 වර්ෂයේ පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් ලබාදුන් පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය  ලබන 28  දින තෙක් දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි
    රට තුළ පවත්නා කොවිඩ් වාතාවරණය මත පාසල් වසා තැබීම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචරණ සීමා පැනවීම සහ ව්‍යාපාරික ස්ථාන වසා තැබීම හේතුවෙන් ඇතැම් සිසුන්ට තිළිණපත් සඳහා අදාළ නිල ඇඳුම් රෙදි මිල දී ගැනීමට නොහැකි වී ඇති බවට ලැබී ඇති තොරතුරු සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත.

     

    Latest News