උතුරේ මුල් පදිංචිකරුවන්ගේ නම්, ජන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත් කිරීම පිළිබඳ පරීක්ෂණයක්

ජන 22, 2021

    උතුරේ මුල් ගම්බිම්වල පදිංචිකරුවන්ගේ නම්, ජන්ද හිමි නාම ලේඛන වලින් ඉවත් කර ඇති බවට ඉදිරිපත්වී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

    එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ කාදර් මස්තාන් යන මහත්වරුන් ඒ සම්බන්ධයෙන් සොයා බලන්නැයි ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි.

    ඒ අනුව ඔවුන් ඉදිරිපත් කර ඇති කරුණු පුත්තලම දිස්ත්‍රික්කයේ තාවකාලිකව පදිංචි වී සිටින පවුල් 7,727කගේ නම් ජන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත් කිරීම සාධාරණ නොවන බවට සඳහන් කරමින් රිෂාඩ් බදියුදීන් මහතා පසුගියදා ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමුකර තිබේ.

    ඔහු කියා සිටියේ පුත්තලමේ තාවකාලිකව පදිංචිව සිටින මන්නාරම දිස්ත්‍රික්කයේ පිරිසකගේ නම් මෙලෙස ඉවත් කර ඇති බවයි.

    Latest News