බස්නාහිර පළාතේ පාසල් 907ක සාමාන්‍ය පෙළ පන්ති 25 සිට

ජන 22, 2021

    මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පමණක් බස්නාහිර පළාතේ පාසල් 907ක් ජනවාරි 25වනදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

    බස්නාහිර පළාතේ පාසල් යළි විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඊයේ (20) පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසීය.

    බස්නාහිර පළාතේ සෙසු ශ්‍රේී සඳහා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඒ ඒ දිස්ති‍්‍රක්කවල දිසාපතිවරුන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන්, ප‍්‍රාදේශීය සංවර්ධන ආයතන සභාපතිවරු ඇතුලූ සියලූ පාර්ශවවල අදහස් විමසීමෙන් අනතුරුව තීරණය කිරීමට මෙම සාකච්ඡාවේදී යෝජනා කෙරිණ.

    Latest News