දිනක් තුල වැඩිම කොවිඩ් ආසාදිතයින් ඊයේ

ජන 22, 2021

    අද (22) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් 'කොවිඩ් - 19' ආසාදිත පුද්ගලයින් 887 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 13 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර, තවත් එක් පුද්ගලයෙක් විදේශ රටක සිට මෙරටට පැමිණි විදේශිකයෙක් ලෙස වාර්ථා වේ.

    ඉතිරි පුද්ගලයින් 873 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 337ක් ලෙසය.

    ඊට අමතරව,ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 136ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 327දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

    අද උදෑසන වනවිට, කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ 'කොවිඩ් - 19' වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 52,180 වේ. ඉන් පුද්ගලයින් 42,821 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    ඒ අනූව, කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර 49,121ක් වෙයි.

    Latest News