පළාගිය ආසාදිතයා කටුනායක දී සොයා ගැනේ

ජන 22, 2021

    කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ තම නවාතැන් පොළෙන් පැනගිය කොවිඩ් ආසාදිතයා අද (22) උදෑසන කටුනායක, 18 කණුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ආසාදිතයා 1990 ගිලන්රථ සේවය මඟින් මීගමුව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බවයි.

    ඔහු කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු පදවිය ප්‍රදේශයේ පදිංචික‍රුවෙක්.

    25 හැවිරිදි ඔහුගේ පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිත බවට තහවුරු විය.

    ඒ අනුනූ එම පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා ගෙන යෑමට කටයුතු සුදානම් කර තිබිය දී ඊයේ දිනයේ දී පළාගොස් තිබුණි.

    Latest News