නැගෙනහිර ජැටියේ යෝජනා අද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට

ජන 22, 2021

    කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය සිය යොජනා අද දිනයේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත භාරදීමට නියමිතය.

    වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංවිධානයේ ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න මහතා සඳහන් කළේ, දේශිය හෝ විදේශිය ආයතනයක මැදිහතක්වීමකින් තොරව වරාය අධිකාරියේ කළමනාකාරීත්වය යටතේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම යොජනාවන් සකස් කර ඇති බවයි.

    නැගෙනහිර ජැටිය සුරැකීමේ ජාකිත ව්‍යාපාරයට සම්බන්ධ සංවිධාන 23ම එකතුවෙන් මෙම යොජනා සකස් කර ඇති බව ඔහු සඳහන් කළේය.

    අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ ප්‍රධානී වරාය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා පසුගියදා සඳහන් කළේ, වෘත්තිය සමිති ඉදිරිපත් කරන යෝජනා කමිටුව මගින් පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයට ලබා දීම සඳහා සකස් කරන වාර්තාවට ඇතුළත් කරන බවයි.

    නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කර සම්මුතියකට එළැඹීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලය 07 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පත් කළේය.

    Latest News