ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසකට කොරෝනා

ජන 21, 2021

    ශ්‍රී පාද වන්දනාවේ ගිය ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක රගර් කණ්ඩායමක ක්‍රීඩකයින් සිව්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

    ඉන් එක් ක්‍රීඩකයෙකුගේ මවකට ද වෛරසය ආසාදනය වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. එම රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් 12දෙනෙකු සිය මව්පියන් සමග පසුගිය 17 වැනිදා ශ්‍රීපාද වන්දනාවේ ගොස් ඇත.

    ඉන් අනතුරුව මෙම පිරිස නුවරඑළිය බලා ගොස් ඇති අතර, සංචාරක බංගලාවක ඔවුන් නතරව තිබේ. අනතුරුව සංචාරය අවසන් කර මෙම පිරිස ගාල්ල බලා පැමිණ ඇත. මොවුන්ගෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු හික්කඩුව ප්‍රදේශයේ පදිංචි අය වන අතර, අනෙක් ක්‍රීඩකයින් විවිධ ප්‍රදේශවල පදිංචි අය වේ.

    මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ක්‍රීඩකයෙකු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇති අතර, එහිදී ඔහු ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබේ. පසුව හික්කඩුවේ පදිංචි ක්‍රීඩකයින් දෙදෙනා ද පී.සී.ආර්. පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වී ඇත.

    Latest News