වැසි තත්වයේ අඩුවීමක්

ජන 21, 2021

    දිවයිනේ උතුරු සහ නැගෙනහිර දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ.

    සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

    ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක් තද වැසි ඇතිවේ.

    බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    Latest News