බස්නාහිර පාසල් යළි විවෘත කිරීම ගැන සාකච්ජා

ජන 20, 2021

    ලබන 28,29 හෝ පෙබරවාරි පළමුවැනිදා විශේෂ දිස්ත්‍රික් සාකච්ජා පවත්වා විවෘත කළ හැකි පාසල් සම්බන්ධ නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කිරීමට තීරණය කර තිබේ.

    ඒ. බස්නාහිර පළාතේ පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (20) පැවති සාකච්ජාවකදී.

    අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සාකච්ජාවට එක්වුණේ, සූම් තාක්‍ෂණය ඔස්සේයි. විදුහල්පතිවරුන්, කොට්ඨාස හා කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, සෞඛ්‍ය අංශ, දේශපාලනඥයින් සහබාගි කරගෙන අවශ්‍ය තීරණ ගන්නා ලෙසයි, මෙහිදී උපදෙස් දෙනු ලැබුවේ.

    එම නිර්දේශ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෙත යොමු කළ යුතුයි. ඉන් පසු ඔහු එම නිර්දේශ අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය අංශ සමඟ සමාලෝචනය කළ යුතුවේ. ඒ අනුව, ලබන 10 වැනිදාට පෙර අදාළ තීරණ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කෙරෙනු ඇත.

    එහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ, ලබන මස 15 වැනිදා පාසල් නැවත ආරම්භ කිරීමේ හැකියාව පවතින බවයි.

    කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මේජර් ප්‍රදීප් උඳුගොඩ, ගම්පහ දිස්ත්‍රික් සභාපති සහන් ප්‍රදීප් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ්‍රී ලාල් නෝනිස් යන මහත්වරුන් සාකච්ජාවට එක්වූහ.

    Latest News