ඔහු පෙන්වා දෙන්නේ සංචාරකයන් දිවයිනට පැමිණිම හරහා කොවිඩ් රට තුළ පැතිරයාමේ අවධානමක් නොමැති බවයි. මේ පිළිබද අනිසි බියක් ඇති කර ගතයුතු නැතැයි ඇමතිවරයා පෙන්වා දෙයි.
හෙට (21) සිට සංචාරකයන්ට රට විවෘත කිරීමේදී කටුනායක ගුවන්තොටුපොල ක්‍රියාකාරීත්වය පිළිබදව අද (20) නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඇමතිවරයා මේ බව සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය. හෙට සිට සංචාරකයන් පැමිණෙන මත්තල සහ කටුනායක ගුවන්තොටුපොලවල් වල සේවකයන්ට අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමන කරන ලෙස දැඩි ලෙස උපදෙස් දී තිබෙනවා.
ගුවන්තොටුපොල කටයුතු හෙට සිට සාමාන්‍ය කරනය වුනත් එය සිදුවන්නේ සේවා අවශ්‍යතාවයන් හදුනා ගනිමින්. මේ සියළුම දෙනාට ආරක්ෂිත ඇදුම් කට්ටල මුඛ ආවණ, අත් ආවරණ සහ දෑත් පිරිසිදු කිරීම අනිවාර්යය කර තිබෙනවා.
මෙම සෞඛ්‍ය නීති අනුගමනය නොකරන කිසිවෙකුට හෙට සිට ගුවන්තොටුපොල පරීශ්‍රය තුල කටයුතු කල නොහැකියි. කටුනායක සහ මත්තල ගුවන්තොටුපොල පරිශ්‍ර තුල තීරුබදු රහිත සාප්පු, බැංකු සේවාවන් සහ වෙනත් ව්‍යාපාරික කටයුතුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හෙට සිට විවෘත කෙරෙනවා.
දිවයිනට පැමිණෙන සංචාරකයන් සහ විදෙස්ගත ශ්‍රමිකයන් වෙන් වෙන් මාර්ග දෙකක් ඔස්සේයි ගුවන්තොටුපොලෙන් පිටව යන්නේ විදෙස් ගත ශ්‍රමිකයන් සහ සංචාරකයන් අතර සම්බන්ධයක් ඇති වන්නේ නැහැ.
සංචාරකයින්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයින්ටත් බෝ නොවීම සදහා අපි සියළුම ක්‍රියාමාර්ග ගන්නවා. ඒ අනුවයි අපි මේ සියළු ක්‍රමවේදයන් හදලා තියෙන්නේ. සංචාරකයෙකු ඒ රටෙන් පිටවෙලා, කටුනායක හරි මත්තල හරි ගුවන්තොටුපොලින් රට ඇතුළු වුණාට පස්සේ ඔහු අනුගමනය කල යුතු ක්‍රමවේදය අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා.
මේ සංචාරක ක්ෂේත්රයෙන් මිලියන 03කට ආසන්න පිරිසක් යැපෙනවා. සංචාරක ක්ෂේත්රය රටේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වනවා. මෙය කඩා වැටුනොත් රටේ ආර්ථිකය අවධානමේ. පෙබරවාරි 19වෙනිදා ඉදලා අවුරුද්දකට ආසන්න කාලයක් අපි මේ රට සංචාරකයන්ට වහලා තිබුණා. මත්තල සහ කටුනායක ගුවන්තොටුපොල අපි භාවිතා කලේ විදේස්ගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගේන්න විතරයි. අපි 70000කට අධික පිරිසක් දිවයිනට ගෙනල්ල තියෙනවා.
ගුවන්තොටුපොල තුල සේවය කරන සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාද?
අපි උපදෙස් දීලා තියෙනවා ගුවන්තොටුපොල සේවකයන්ට සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්න කියලා. සංචාරකයෙක් ලංකාවට එන්න ඉස්සෙල්ලා පී.සී.ආර් පරීක්ෂාවකට ලක්විය යුතුයි. ඔහුට අපේ රටට එන්න පුළුවන් කොවිඩ් ආසාධිතයෙකු නොවන බව තහවුරු වුනොත් පමණයි.
අපි ඩියුටි ෆී විවෘත කරලා තිබුනත් මේ ෂොප්වල සේවය කරන අය අනිවාර්යෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කල යුතුයි. ඔවුන් සංචාරකයන් පැමිනෙන විට සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම් පැළද සිටීම අනිවාර්යය කර තිබෙනවා. ඒ වගේම මාස්ක් පැළදීම අත් සේදීම අනිවාර්යයි.
සංචාරක නියාම වැඩ සටහන පිළිබදව රටේ විවිධ කථාබහ තියෙනවා. නමුත් හෙට (21) ඉදලා ගුවන්තොටුපොල විවෘත කීරීම අනතුරු දායක නැද්ද.
බල්ලො බිරුවට කඳු පාත්වෙන්නේ නෑ. විපක්ෂය බලාපොරොත්තු උනේ රටේ සංචාරක පොකුරක් ඇති වෙයි කියලා. මේ වනකොට යුක්රේන සංචාරකයන් 1500ක් ඇවිල්ලා තියෙනවා. අලුත්ම වාර්තා අනුව කොවිඩ් ආසාදිතයන් හමුවුනේ 04 දෙනයි. ඒ 04දෙනා පිළිබදවත් සෞඛ්‍ය උපදෙස් අනුව අවශ්‍ය පියවර ගත්තා. ඒ නිසා විපක්ෂයේ බොරු බිල්ලන් මැව්වාට අපි අපේ ගමන නතර කරන්නේ නැහැ.