අද වන විට මධ්‍යස්ථාන 96 ක පුද්ගලයින් 8,188ක් නිරෝධායනයේ

ජන 20, 2021

    අද (20) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 96 ක් තුළ පුද්ගලයින් 8,188 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    එමෙන්ම අද (20) මාලදිවයිනේ සිට පුද්ගලයින් 28 දෙනෙකු, කටාර් සිට පුද්ගලයින් 18 දෙනෙකු, කටාර් සිට පුද්ගලයින් 92 දෙනෙකු, සවුදි අරාබියේ සිට පුද්ගලයින් 76 දෙනෙකු, ඉන්දියාවේ සිට පුද්ගලයින් 55 දෙනෙකු මෙරටට පැමිණ ඇත. එසේම, අද (20) දිනය තුළ කොරියාවේ සිට පුද්ගලයින් 285 දෙනෙකු, මාලදිවයිනේ සිට පුද්ගලයින් 06 දෙනෙකු, බංගලාදේශයේ සිට පුද්ගලයින් 02 දෙනෙකු, සිංගප්පූරුවේ සිට පුද්ගලයින් 03 දෙනෙකු, චීනයේ සිට පුද්ගලයින් 23 දෙනෙකු සහ සවුදි අරාබියේ සිට පුද්ගලයින් 21 දෙනෙකු, දිවයිනට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    තවද ඊයේ (19) දිනය තුල PCR පරික්‍ෂණ 14,294 ක් සිදුකර ඇත.

    Latest News