ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 669ක්

ජන 20, 2021

    ඊයේ (19) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 669 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 09 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 660 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 130 ක් ලෙසයි. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 104 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 60 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 366 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

    ඒ අනුව ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 54,418 ක් වන අතර ඉන් පුද්ගලයින් 46,593 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (20) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,552 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද (20) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 774 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    Latest News