මන්ත්‍රීවරයෙක්ට පහරදීමක් නිසා මිහින්තලය ප්‍රා.සභාවාරය උණුසුම් වෙයි

ජන 19, 2021

    මිහින්තලය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඉන්දික රුක්ෂාන් මහතා එහි විපක්ෂ නායක මින්සාර් මොහොමඩ් මහතාට පහර දී තිබේ.

    ඒ මාසික සභා වාරය අද රැස්වූ අවස්ථාවේදී. මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ, සභාපති ලාල් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. සභාව ආරම්භ වීමට පෙර පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඉන්දික රුක්ෂාන් මහතා,විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගෙන තිබේ.

    විපක්ෂ නායක මින්සාර් මොහොමඩ් මහතා සභාවට පැමිණෙන අවස්ථාවේදී ඉන්දික රුක්ෂාන් මහතා ඉදිරියට පැමිණ ඔහුට පහර දුන් අතර ගැටුම මැඩපැවැත්වීමට සභාවේ අනෙකුත් මන්ත්‍රීවරුන් උත්සහ ගත්තේය.

    අනතුරුව කලහකාරී ලෙස හැසිරුණු මන්ත්‍රීවරයා සභාවෙන් පිටතට යැවීමෙන් පසු ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කෙරිණ. පසුව අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දික රුක්ෂාන් මන්ත්‍රීවරයා අද සවස පොලිස් ඇප මත මුදාහැරිණ.

    Latest News