තවත් ආසාදිතයින් 763ක්..වැඩිම පිරිසක් කොළඹින්

ජන 18, 2021

    අද උදෑසන වන විට ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 763 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 14 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 749 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 241 ක් ලෙසය.

    ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 210ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 257 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වෙයි.

    අද උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 49,252 වේ. ඉන් පුද්ගලයින් 42,413 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර -3,059 (පූර්ණ සුවය ලබා ඇත) කොළඹ මත්ස්යඇ වෙළඳපලේ පොකුර -39,354

    Last modified on සදුදා, 18 ජනවාරි 2021 11:59

    Latest News