උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් - අධ්‍යාපන ඇමති

ජන 17, 2021

    මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ දී නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

    එම ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සිසුන් සැප්තැම්බර් මාසය වනවිට විශ්වවිද්‍යලවලට පිවිසීමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා කියා සිටියි.

    අද (17) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ලබන මාර්තු මාසයේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ද පැවැත්වීමට සැලසුම්කර ඇති අතර එහි ප්‍රතිඵල ද ජුනි මාසය වනවිට නිකුත් කිරීමට පියවර ගන්නා බවද ජී. එල් පීරිස් අමාත්‍යවරයා සඳහන් කරයි.

    Latest News