පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 44,754ක්

ජන 17, 2021

    අද (17) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 52,312 ක් වන අතර ඉන් පුද්ගලයින් 44,745 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,311 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද උදෑසන 6.00 වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 487ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    පසුගිය පැය 24 තුළ මෙරටින් තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයා ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ලෙස වාර්තා වේ.

    ඒ අනුව ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 256ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News