තවත් කොවිඩ් ආසාදිතයින් 719ක්

ජන 17, 2021

    අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 719 දෙනෙක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 04 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වෙයි.

    ඉතිරි පුද්ගලයින් 715 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 182ක් ලෙසයි.

    ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 152ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 306 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වෙයි.

    මේ වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 48,503 වේ. ඉන් පුද්ගලයින් 41,988 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර -3,059 (පූර්ණ සුවය ලබා ඇත)

    කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර -38,929

    Latest News