ශ්‍රී ලංකාව ලොව ප්‍රාග්ධන වෙළෙඳපොළ අතර, දෙවන ස්ථානයට; "බ්ලූම් බර්ග්" වෙබ් අඩවිය (වීඩියෝ)

ජන 15, 2021
  • ශ්‍රී ලංකාව ලොව ප්‍රාග්ධන වෙළෙඳපොළ අතර, දෙවන ස්ථානයට පත්ව ඇතැයි "බ්ලූම් බර්ග්" වෙබ් අඩවිය සඳහන් කරයි.

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයේ අද (15) දින 3.5%ක වර්ධනයක් ද දක්නට ලැබිණ. නිව්යෝක් නුවර මෑන් හැට්න්හි මූලස්ථානයේ පිහිටි "බ්ලූම් බර්ග්" වෙබ් අඩවිය, මූල්‍ය සහ තවත් ක්‍ෂේත්‍ර කිහිපයක් පිළිබඳව තොරතුරු විශ්ලේෂණය සපයයි. එය 1981 දී ආරම්භ කරන ලද්දේ මයිකල් බ්ලූම්බර්ග් විසින්.

    මෙය මූල්‍ය සමාගම් හා සංවිධානවලට කොටස් වෙළෙඳපොළ දත්ත සහ සේවා සම්බන්ධ තොරතුරු හා වි‍ශ්ලේෂණ සපයන ලොව පිළිගත් වෙබ් අඩවියක්. කොරෝනා තත්වය යටතේ වුවද මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ එවැනි ජයග්‍රහණයක් අත්කර ගැනීම සුවිශේෂි ජයග්‍රහණයක් වන බව, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙයි.

    Last modified on සෙනසුරාදා, 16 ජනවාරි 2021 02:42

    Latest News