හරිත ආවරණය 2030; 27% සිට‍ 32% දක්වා වර්ධනයට රජයෙන් ව්‍යාපෘති රැසක් (වීඩියෝ)

ජන 15, 2021
  • ශ්‍රී ලංකාවේ හරිත ආවරණය 2030 වනවිට 27% සිට‍ 32% දක්වා වර්ධනය කිරීමේ අරමුණින් රජය ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාවට නංවා තිබේ.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද ඊට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටී. ඒ අනුව, ඔවුන්ගේ එක් සුවිශේෂි ව්‍යාපෘතියක් වන්නේ, තෝරාගත් ස්ථාන වෙත ගුවනින් බීජ ඉසීමයි. එම ව්‍යාපෘතියේ සිව්වැනි අදියර ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් පරිදි ඊයේ ක්‍රියාත්මක කෙරිණ.

    අම්පාර, ලාහුගල ජාතික වනෝද්‍යානයේ අක්කර 60ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි බීජ 70,000ක පමණ ප්‍රමාණයක් ගුවනින් ඉසීම කළ බව ගුවන් හමුදා මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. එය සිදුකරනු ලැබ ඇත්තේ ගුවන් ගමන් වාර තුනකදී. ඇහැල, මී, කරඳ, මයිල, සියඹලා, කුඹුක්, කෝන්, මදටිය ආදි ශාඛ වර්ගවල බීජ තෝරාගත් ස්ථාන වෙත ගුවනින් මුදාහැර තිබේ. මෙය ක්‍රියාත්මක කරන ලද්දේ, කටුනායක ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකය විසින්.

    Last modified on සෙනසුරාදා, 16 ජනවාරි 2021 02:28

    Latest News