රථ වාහන දඩ ගෙවීමට ලබාදුන් සහන කාලය අදින් අවසන්

ජන 15, 2021

    කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් රථ වාහන දඩ ගෙවීමට ජනතාවට ලබාදුන් සහන කාලය අදින් අවසන් වෙයි.

    ඒ අනූව අදින් පසුව වරද කළ දින සිට දින 14 ක් අතිරේක දඩ මුදල් රහිතවත්, දින 28 ක් දක්වා අතිරේක දඩ මුදල් සහිතවද රථ වාහන දඩමුදල් ගෙවීමට හැකි බව තැපැල් මූලස්ථානය පවසයි.

    වරදකළ දින සිට දින 28ක් ඉක්මවා ගොස් ඇති කිසිදු දඩ පති‍්‍රකාවක් තැපැල් සහ උපතැපැල් කාර්යාලවලට ගෙවීම් කළ නොහැකි බවද තැපැල් මූලස්ථානය සදහන් කරයි.

    කෙසේ වෙතත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි කොළඹ නාගරික රථ වාහන පොලීසිය සහ පොලිස් හදිසි ඇමතුම් අංශය මගින් නිකුත් කරනු ලබන දඩ පති‍්‍රකා සදහා පමණක් පෙර පැවති සහන කාලය උපයෝගි කර ගනිමින් පෙබරවාරි 8 දක්වා තැපැල් සහ උප තැපැල් කාර්යාල වෙත ගෙවීම් කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

    Last modified on සිකුරාදා, 15 ජනවාරි 2021 11:38

    Latest News