මොනරාගල කෘෂිකාර්මික සංවර්ධනයට රු.මි.1,500ක්

ජන 14, 2021

    මේ වසරේ මොනරාගල දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධනයට රජය රුපියල් මිලියන 1,500ක් වෙන්කර තිබේ.

    දිවයින පුරා අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා විදුලි වැට ඉදිකිරීමට මේ වසරේ වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 3,000ක්. මේ බව ප්‍රකාශ කෙරුණේ මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේ ඊයේ පැවති දිස්ත්‍රික් ජීවනෝපාය කමිටු සංවර්ධන රැස්වීමේදී.

    අමාත්‍යාංශ කිහිපයක් නියෝජනය කරමින් අමාත්‍යවරුන් ඇතුළු ජනතා නියෝජිතයන් රැසක් මීට එක්වූහ. වනජීවි කලාප ආශ්‍රිතව සංචාරක කටයුතු ප්‍රවර්ධනය සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    මොනරාගල දිස්ත්‍රික්කයේ ජාතික වනෝද්‍යාන ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය, සාකච්ජවේදී අවධාරණය කෙරිණ. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මේ වසරේ මොනරාගල දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධනයට රුපියල් මිලියන 1,500ක් වෙන්කර ඇති බවයි.

    මේ වසරේ මෙරට ඉදිකෙරෙන එකම ආර්ථික‍ වෙළෙඳ මධ්‍යස්ථානය මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපනය කෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. දිස්ත්‍රික්කයේ සියලු වගාවන්ට අවශ්‍ය සහය ලබාදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි. මොනරාගල දිස්ත්‍රික්කයේ අලි-මිනිස් ගැටුමට විසඳුම් ලබාදීම කෙරෙහි ද විශේෂ අවධානය යොමු කෙරිණ.

    රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු ද, කඩිනමින් විසඳීමට පියවර ගන්නා බවයි. 2019-2020 කාලසීමාවේ ඉඩම් දීමනා පත්‍ර 3,569ක් ලබා දී තිබේ. තවත් ඉඩම් දීමනා පත්‍ර 3,613ක් ඉදිරියේ දී ලබාදීමට නියමිතයි. ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, ෂෙහාන් සේමසිංහ, දිලුම් අමුණුගම යන රාජ්‍ය අමාත්‍යවරු ද දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද සාකච්ජාවට එක්ව සිටියහ.

    Latest News