මහර සිද්ධියේදී දේපළවලට හානි කළ රැඳවියන් 120 කට නඩු

ජන 14, 2021

    මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධියේදී දේපොළවලට හානි සිදු කරමින් කලහකාරී ලෙස හැසුරුණු සැකකරුවන් 120 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ, රාජ්‍ය දේපොළවලට හානි කිරීමේ චෝදනා යටතේය.

    බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, ඉන් 116 දෙනෙකු රිමාන්ඩ් සිරකරුවන් වන බවයි.

    Latest News