ජනාධිපතිතුමාගේ තෛපොංගල් දින පණිවුඩය (වීඩියෝ)

ජන 14, 2021
  • තෛපොංගල් දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය සුභපැතුම් එක්කළා.

    හින්දු ධර්මානුකූලව දිවි ගෙවන දෙමළ ජනයා තෛපොංගල් සමය සිය අපේක්ෂා ඉටුවන නව වසරක උදාව ලෙස සලකනවා.

    එකී සොම්නස භුක්තිවිඳින අපේ දමිළ ජනතාව සමඟ සතුටු සිතින් එක් වන බවයි, ජනාධිපතිතුමා සිය පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ.

    මේ අතර,  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර තිබේ.

    කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනිීමට හිරු දෙවියන් ඇතුළු ස්වභාව ධර්මය දුන් ශක්තියට කෘතගුණ සැලකිීම මුල් කරගෙන සමරන තෛපොංගල් දින උත්සවය ආගමික, සංස්කෘතික හා සමාජීය වශයෙන් ඉතා වැදගත් දිනයක් බවයි සිය සුභපැතුම් පණිවිඩයෙන් සඳහන් කරන්නේ.

    Last modified on සිකුරාදා, 15 ජනවාරි 2021 01:59

    Latest News