ඉන්දියන් සාගරයේ මසුන් ඇල්ලීම පිළිබඳ මාලදිවයින සමඟ සාකච්ඡා

ජන 14, 2021

    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා මාලදිවයින් තානාපති, ඉන්දියන් සාගරයේ මසුන් ඇල්ලීම පිළිබඳව සාකච්ඡා කරති.

    ශ්‍රී ලංකා මාලදිවයින් තානාපති ඕමර් අබ්දුල් රෂාක් හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මැතිතුමා අතර සාකච්ඡාවක් ඊයේ මාලිගාවත්තේ පිහිටි ධීවර අමාත්‍යාංශ කාර්යාලයේදී පැවැත්විණි.

    ධීවර කටයුතු වලදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින මුහුණ දෙන ගැටලු පිළිබඳවත් එම ප්‍රශ්න නිරාකරණය කල හැකි ආකාර පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරන ලදී.

    විශේෂයෙන් ඉන්දියානු සාගරයෙන් ඔබ්බට රටවලින් පැමිණෙන විශාල ධීවර යාත්‍රා හේතුවෙන් ඉන්දීය සාගරයේ ධීවර සම්පත් රැගෙන යාම පිළිබඳව ශ්‍රී ලංකාවේ ස්ථාවරය දැන ගැනීම සඳහා ඇති කැමැත්ත ප්‍රකාශ කරන ලදී.

    මෙහිදී අදහස් දැක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අදාල කරුණ පිළිබඳව ශ්‍රී ලංකාවද සැලකිල්ලට ගෙන ඇති බවත්, ඉන්දීය සාගර රටවල් අතර සාකච්ඡාවක් සංවිධානය කිරීමෙන් පොදු යාන්ත්‍රණයක් සකස් කල යුතු බවත් පැවසීය.

    තවද, අදාල කරුණ සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බව ද පැවසීය.

    එසේම, ධීවර හා මිරිදිය ධීවර කටයුතු වැනි ජලජීවී වගා කටයුතුවල අත්දැකීම් හා ශිල්පීය ක්‍රම දෙරට අතරේ හුවමාරු කර ගැනීම සහ පුහුණු ක්‍රියාකාරකම් පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදි.

    Latest News