මිනුවන්ගොඩ සහ මත්ස්‍ය වෙළඳපොල පොකුරේ 40,500කට සුවයි

ජන 14, 2021

    අද (14) වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 46,435 වේ.

    ඉන් පුද්ගලයින් 40,509 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර - 3,059 (පූර්ණ සුවය ලබා ඇත) කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර - 37,450

    එමෙන්ම අද උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 50,231 ක් වන අතර ඉන් පුද්ගලයින් 43,266 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. තවද රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,718 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    Latest News