ඊයේ කොවිඩ් 19 වැළඳුනු වැඩිම පිරිස කොළඹින්

ජන 14, 2021

    ඊයේ(13) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 692 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 687 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 223 ක් ලෙසයි. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 119 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 112 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 233 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

    Latest News