මඩකලපුව පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

ජන 13, 2021

    අධික වර්ෂාවත් සමඟ මඩකලපුව දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

    වෙත්තුචේන ගම්මානයේ ජලගැලීම් හේතුවෙන් පවුල් 89 ක පුද්ගලයින් 267 දෙනෙක් අවතැන්ව සිටින බවයි, වාර්තා වන්නේ.

    ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව පිළිබද සොයා බැලීමට ගිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා ද ජලයේ ගසාගෙන යද්දී ගසක අත්තක එල්ලීමෙන් ජීවිතය බේරාගෙන තිබේ.

    එහෙත් තමන්ගේ ජංගම දුරකත දෙකක් බැංකු කාඩ්පත් ඇතුළු ලියකියවිලි ජලයේ ගසාගෙන ගිය බවයි ඔහු පවසන්නේ.

    අවතැන් ජනතාවට පිසූ ආහාර ලබාදීමට පියවර ගෙන තිබේ.

    Latest News