ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් නිදහස්

ජන 13, 2021

    දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවෙන්,පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් පස් දෙනා අද නිදොස් කොට නිදහස් කෙරිණ.

    නඩුවේ තීන්දුව මඩකලපුව මහාධිකරණ විනිසුරු එස්.සුසයිදාසන් මහතා අද ප්‍රකාශයට පත් කළේය. නඩුව පසුගිය 11 වැනිදා කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා ප්‍රකාශ කළේ, මෙම නඩුව ඉදිරියට ගෙන යාමට අදහසක් නොමැති බවයි.

    ඒ අනූවයි, නඩුවේ තීන්දුව අද ප්‍රකාශ කරන බවට දැනුම් දෙනු ලැබුවේ. ජෝසප් පරරාජසිංහම් ඝාතන සිද්ධියට සැකපිට ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් වසර 4ක් පමණ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර පසුගිය නොවැම්බර් 24 වැනිදා ඔහුට ඇප හිමිවිය.

    Latest News