නිරෝධායන නීතිකැඩූ 15ක් පමුණුවේදී අත්අඩංගුවට

ජන 13, 2021

    නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත කඩකල පහළොස් දෙනෙක් මහරගම පමුණුව ප්‍රදේශයේ දී පොලිසිය මගින් අද 13පෙරවරු දී අත්අඩංගුවට ගැනිණ.

    කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ 94 සහ 95 යන වගන්ති උල්ලංඝනය කරන පිරිස් දැනුවත් කිරීම 12 ඊයේ දිනයේ දී සිදු කෙරිණ. ඒ අනුව අද දිනයේදී මෙසේ මොවුන් අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණ.

    අත්අඩංගුවට ගත් පිරිස් අධිකරණයට ඉදිරිපත් කර නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් පරිසර ඒකකයේ අධ්‍යක්ෂ රොෂාන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

    ඒ අනුව මුඛ ආවරණ නොමැතිව සහ නියමිත සෞඛ්‍ය උපදෙස්වලට අනුකූල නොවන ආකාරයෙන් කටයුතු කරන පිරිස් මෙසේ අත්අඩංගුවට පත්විය.

    Latest News