පාර්ලිමේන්තුවේ පීසීආර් පරීක්ෂණ අද

ජන 13, 2021

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (13) දිනයේ පැවැත්වීමට නියමිතය.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (13) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

    මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එළඹෙන සතියේ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමුකිරීමට නියමිතයි.

    අද දිනයේ පාර්ලිමේන්තුව තුළ පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.

    Latest News