ඉඩම් අත්පත් කර ගැනීමේ පනත සංශෝධයනයට කැබිනට් අනුමැතිය

ජන 12, 2021

    දැනට ක්‍රියාත්මක 1950 අංක 09 දරන ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

    එම පනතට අනුව ඉඩම් අත්කර ගැනීමේදී විශාල කාලයක් ගතවීම හේතුවෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ කඩිනම් සංවර්ධන කටයුතු සඳහා බාධා සිදුව ඇති බව සඳහන් වනවා.

    එබැවින් ඉඩම් ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගතවන කාලය අවම කරමින්, සරළ ක්‍රමවේදයක් යටතේ ඉඩම් අත්පත් කර ගැනීමටත්, ඒකීය ක්‍රමවේදයක් යටතේ වන්දි ගෙවීමටත් හැකි වන පරිදි, එකී පනත වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.

    Latest News