හඳුනාගත් ක්‍ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය ‍අපේක්ෂාවක් - ජනපති

ජන 12, 2021

    කලාපීය රාජ්‍යයන් සමග හඳුනාගත් ක්‍ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා හැකි උපරිමයෙන් වර්ධනය කර ගැනීම තම අභිලාෂය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    බංග්ලාදේශ මහජන සමුහාණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාවට පත්ව සිටින නව මහ කොමසාරිස් තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලම් මහතා අක්තපත්‍ර පිළිගැන්වු අවස්ථාවේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

    ඉන්දීය සාගරයේ පිහිටි රාජ්‍යයන් ලෙස සමුද්‍රීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමට විශාල ඉඩක් පවතින බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    කෘෂිකර්මය සහ අපනයන බෝග ප්‍රවර්ධනය, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය හා වෙළඳ සබඳතා වැඩිදියුණු කළ හැකි සෙසු ක්‍ෂේත්‍ර ලෙස ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

    විශ්ව විද්‍යාල මට්ටමේ අධ්‍යාපන සහයෝගීතාව ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස ද හෙතෙම හැඳින්වීය.

     

    Latest News