රට ආර්ථික වශයෙන් ස්ථාවරයි - මුදල් අමාත්‍යංශය

ජන 12, 2021

    කොරෝනා වයිරසයේ ව්‍යාප්තියට සාර්ථකව මුහුණ දෙමින් රට ආර්ථික වශයෙන් ස්ථාවරත්වයක් ගොඩනගා ගනිමින් සිටින බව මුදල් අමාත්‍යංශය පවසයි.

    2020 තුන්වැනි කාර්තුව සදහා වන ජාතික ගිණුම් ඇස්තමේන්තුව සංඛ්‍යාත්මකව මෙම කරුණු අනාවරණ කරයි.

    එම කාර්තුවේදි මෙරට කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය පෙර වසරේ එම කාර්තුවට සාපේක්ෂව සියයට 4 යි දශම 3 ක වර්ධනයක් අත්කර ගෙන තිබේ.

    වී, ධාන්‍ය, එළවඵ, රබර් ,පළතුරු හා කුඵබඩු වගාවන් ද සත්ව නිෂ්පාදනය හා මිරිදිය මත්ස්‍ය කර්මාන්තය යන ක්‍ෂේත්‍රවල එම වර්ධනය දක්නට ලැබේ.

    එම කාලය තුළ ධානය වගා කිරීමේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබීම විශේෂත්වයකි.

    ඊට පෙර වසරේ අදාල කාර්තුව හා සැසදීමේදී එය සියයට 256 යි දශම 6 යි 5 ක වර්ධනයකි.

    වී වගාව ද සියයට 15 යි දශම 5 ක වර්ධනයක් අත්කර ගෙන තිබේ.

    කොරෝනා වයිරසයේ පළමු රැල්ලේ ව්‍යාප්තියෙන් පසු ජන ජීවිත සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබීම මෙම වර්ධනයට ධනාත්මකව බලපා ඇතැයි මුදල් අමාත්‍යංශය කියයි.

    Latest News