ශානි අබේසේකර නැවතත් රිමාන්ඩ්

ජන 12, 2021

    අසත්‍ය සාක්ෂි නිර්මාණය කර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු තවත් සැකකරුවන් පිරිසකට ගිනි අවි චෝදනා ගොනුකර අධිකරණය නොමඟ යැවීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළා.

    ශානි අබේසේකර, හිටපු උප පොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් සහ හිටපු පොලිස් නිලධාරියකු වූ එච්.ඩී. නවරත්න ප්‍රේමතිලක යන සැකකරුවන් තිදෙනා මෙසේ නැවත රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.

    සැකකරුවන් තිදෙනා බන්ධනාගාරය මඟින් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබූ අතර සැකකරුවන් තිදෙනා වෙනුවෙන් කිසිදු නීතිඥ සහායක් වුයේ නැහැ.

    Latest News