පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණ

ජන 12, 2021

    සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණවලට යොමු වන්නැයි, දැනුම් දී තිබේ.

    පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන්, ඊයේ (11) පස්වරුවේ සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන් බවයි.

    හෙට(13) සහ ලබන 15 වැනි දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට සකස් කර ඇති බවද, ඔහු ප්‍රකාශ කළේය.

    වේත්‍රධාරීවරයා සඳහන් කළේ, එම දිනවලදී මන්ත්‍රීවරුන්, කාර්යමණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ට PCR පරීක්ෂණ වලට සහභාගී විය හැකි බවයි.

    මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව ද, පාර්ලිමේන්තුව සඳහන් කළේය.

    Latest News