රාජාංගනය ජාලාශය අවට ගංවතුර අනතුරු ඇඟවීමක්

ජන 11, 2021

    ඉදිරි පැය 6ක කාලය තුළ රාජාංගනය ජලාශය ආශ්‍රිත පහත් බිම් කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

    ඒ අනූව, කරුවලගස්වැව, වනාතවිල්ලුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කලා ඔය නිම්නය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් බලපානු ඇති බවයි,එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

    මේ වන විට රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර අද දහවල් 12.30 වන විට රාජාංගනයෙන් තත්පරයට ඝන අඩි 12,000 ප්‍රමාණයක් කලා ඔයට නිකුත් කිරීමට නියමිතයි.

    රාජාංගන ජලාශයේ පහළ ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යාමට හා ජල පහර රළු වීමට ඉඩ ඇති බැවින් කලා ඔය භාවිත කිරීම අනතුරුදායක විය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    Latest News