බ්‍රැන්ඩ්‍රික්ස් පොකුර හා මත්ස්‍ය වෙළඳපොල පොකුර 44000 ඉක්මවයි

ජන 10, 2021

    අද (10) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 44,060 වේ.

    ඉන් පුද්ගලයින් 38,080 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර - 3,059 (පූර්ණ සුවය ලබා ඇත) කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර - 35,021

    එමෙන්ම අද (10) උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 47,839 ක් වන අතර ඉන් පුද්ගලයින් 40,837 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (10) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,773 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    තවද පසුගිය පැය 24 තුළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 521 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    Latest News